📄 සේවා කොන්දේසි

බලාත්මක දිනය: 2025-11-01

කිංකිණි.lk වෙත සාදරයෙන් පිළිගනිමු!

කිංකිණි.lk (kinkini.lk) යනු විවාහය සඳහා ජීවින සහකරුවන් සොයන පුද්ගලයින්ට මංගල යෝජනා දැන්වීම් පළ කිරීම, මංගල යෝජනා සෙවීම සහ සබඳතා ඇති කර ගැනීම සඳහා වූ වේදිකාවකි. කිංකිණි.lk වෙත පිවිසීමෙන් හෝ භාවිතා කිරීමෙන් ඔබ පහත සේවා කොන්දේසි වලට එකඟ වේ.

1.සුදුසුකම්

● කිංකිණි.lk හි ලියාපදිංචි වීමට හෝ භාවිතා කිරීමට ඔබ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.

● ඔබ විසින් ඔබ පිළිබද සත්‍ය, නිවැරදි සහ වත්මන් තොරතුරු සැපයිය යුතුය.

● ඔබ ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.

2.සාමාජිකයින්ගේ වගකීම්

● තමන්ගේ මංගල යෝජනා දැන්වීම් වල පළ කර ඇති අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ වගකීම සාමාජිකයින් සතුවේ.

● කිංකිණි.lk හි අනෙකුත් සාමාජිකයින් සමඟ ඔබේ අන්තර්ක්‍රියා සඳහා සම්පූර්ණ වගකීම ඔබ සතු වේ.

● කිංකිණි.lk හි කිසිදු අසත්‍ය, නොමඟ යවන, අපහාසාත්මක හෝ නුසුදුසු අන්තර්ගතයක් පළ නොකිරීමට ඔබ එකඟ වේ.

● කිංකිණි.lk හි අනෙකුත් සාමාජිකයින්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හානිකර කිසිවක් නොකිරීමට ඔබ එකඟ වේ.

● කිංකිණි.lk හි අනෙකුත් සාමාජිකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ නිසි ලෙස හැසිරීමට සහ ඔවුන්ට ගරු කිරීමට ඔබ එකඟ වේ.

3.අන්තර්ගත සහ දැන්වීම් අනුමැතිය

● මංගල යෝජනා දැන්වීම් පළ කිරීමට පෙර සමාලෝචනය කිරීමේ අයිතිය කිංකිණි.lk සතුය.

● මෙම නියමයන් උල්ලංඝනය කරන හෝ නුසුදුසු යැයි සැලකෙන අන්තර්ගතය සංස්කරණය කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉවත් කිරීමට කිංකිණි.lk හට අයිතිය ඇත.

4.ගෙවීම් කොන්දේසි

● කිංකිණි.lk හි දැන්වීමක් පළ කිරීමට, සාමාජිකයින් දැන්වීම් පැකේජක් සක්‍රිය කළ යුතුය.

● සියලුම දැන්වීම් පැකේජ ගෙවීම් වලට යටත් වේ.

● වෙනත් ආකාරයකින් දක්වා නොමැති නම්, සියලුම ගෙවන ලද සේවාවන් වල මුදල් ආපසු ගෙවනු නොලැබේ.

5.රහස්‍යතා ප්‍රතිපත්තිය

● ඔබ කිංකිණි.lk භාවිතා කිරීමෙන් අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියට යටත් වන අතර, එය අපි ඔබේ තොරතුරු රැස් කරන සහ භාවිතා කරන ආකාරය පැහැදිළි කරයි : රහස්‍යතා ප්‍රතිපත්තිය

6.අවසන් කිරීම සහ ගිණුම් අවලංගු කිරීම

● මෙම නියමයන් කිසිවක් උල්ලංඝනය කිරීම හේතුවෙන්, පූර්ව දැනුම්දීමකින් තොරව කිංකිණි.lk වෙත ඔබගේ ප්‍රවේශය අත්හිටුවීමට හෝ ගිණුම අවලංගු කිරීමට කිංකිණි.lk හට අයිතිය ඇත.

7.වියාචනය(Disclaimer)

● කිසියම් මංගල යෝජනාවක හෝ ගැලපීමක සාර්ථකත්වය කිංකිණි.lk සහතික නොකරයි.

● මෙම වේදිකාව භාවිතා කිරීමෙන් ඇතිවන ඕනෑම හානියක් සඳහා කිංකිණි.lk වගකිව යුතු නොවේ.

8.සේවා නියමයන් යාවත්කාලීන කිරීම

● මෙම නියමයන් ඕනෑම වේලාවක යාවත්කාලීන කළ හැකිය. යාවත්කාලීන කිරීමෙන් පසු වෙබ් අඩවිය අඛණ්ඩව භාවිතා කිරීම එම යාවත්කාලීන කිරීම් ඔබේ පිළිගැනීම වේ.

9.පාලන නීතිය

● මෙම නියමයන් ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය වේ.

10.අපව අමතන්න

● මෙම නියමයන් පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න:

📧 [email protected]
📞 076-784-6868